මුදලට සූදු ක්රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් 11 දෙනකු අඟුණකොළපෑලැස්ස ප්රදේශයේදී අද (21) අළුයම අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපෑලැස්ස ප්රදේශයේ පදිංචි අයවලුන් බවයි පොලිසිය පවසන්නේ.
අඟුණකොළපෑලැස්ස, ගමරාළගම ප්රදේශයේ නිවෙසක කාමරයක් තුළ මොවුන් මුදලට සූදු ක්රීඩාවේ නිරත වෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
එම ස්ථානයේ තිබී මුදලින් රුපියල් 4000ක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර සැකකරුවන් අද (21) අළුයම 12.30ට පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අනීෂා මානගේ