රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබෙනවා.
මීට ඉහතදී එනම් 2016 වසරේ මාර්තු මස 03 වනදා ජනාධිපතිවරයා විසින් පිහිටවනු ලැබූ ජාතික වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මේ මස 24 වනදා සිට අහෝසි කරන අතර නව කොමිෂන් සභාව මේ මස 25 වනදා සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයකින් නිවේදනය කර තිබෙනවා.
නව ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස එස්.රඝුග්ගේ පත්කර තිබෙන අතර කොමිසමේ ලේකම්වරයා ලෙස අනුර ජයවික්‍රම පත්කර ඇති බව සඳහන්.