Home Local නොරොච්චෝලේ යථා තත්වයට – විදුලි කප්පාදුව නවතියි

නොරොච්චෝලේ යථා තත්වයට – විදුලි කප්පාදුව නවතියි

561

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ලක් විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ පවසනවා.

ජනන යන්ත්‍රයේ පරිපථ වල බිඳ වැටීමක් හේතුවෙන් 18 වනදා දහවල් වල විට රට පුරා විදුලිය සැපයුම විටින් විට කප්පාදු කෙරුණා.

එය ජාතික විදුලි බල සැපයුමට දහවල් වන විට එක්වෙන බවත් ඒ අනුව විදුලි කප්පාදුව අවසන් කිරීමට හැකිවෙනු ඇති බවත් බලස්ථාන කළමනාකරු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here