Home Hit දක්ෂිණ අධිවේගී මාර්ගයේ අත් බෝම්බයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අත් බෝම්බයක්

579

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 108 වන කිලෝමීටර් කණුව අසළ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි ඉමදූව පොලිසිය පවසනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස පිරිසිදු කරමින් සිටින විට මෙම අත් බෝම්බය හමුවී ඇති අතර මේ වන විට ජීව අත් බෝම්බය ඇති ස්ථානයට ආරක්ෂාව යොදවා ඇතැයිද පොලිසිය සඳහන් කර සිටිනවා.

අද අධිකරණයට කරුණු වාර්තා කර බෝම්බය නිශ්ක්‍රීය කිරීමට කටයුතු යොදන බවයි ඉමදූව පොලිසිය කියා සිටින්නේ.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here