දකුණු පළාත් පාසල් ක්‍රිකට් තරඟාවලි අතර ප්රමුඛ පෙළේ වාර්ෂික ක්‍රිකට් තරඟාවලියක් වන ”රුහුණු මහා නිල් හටන” මෙවර 119 වන වතාවට සුදානම් කර තිබෙනවා.
ඒ අනුව මෙම තරඟාවලිය එළඹෙන 22/ 23/ 24 යන දිනයන්හිදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.
මාතර ශාන්ත තෝමස් විද්‍යාලයත් මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයත් අතර පැවැත්වෙන ‘රුහුණු මහා නිල් සටන’ වර්ෂ 1900දී ආරම්භ වූ තරඟයක්.
ආරම්භයේදී ‘නිල්වලා සටන’ ලෙස හඳුන්වනු ලැබූ එම තරඟාවලිය 1984 වර්ෂයේ සිට ‘රුහුණු මහා නිල් සටන’ ලෙස හඳුන්වනු ලබනවා.
වමත් කසකරු ‘master blaster’ ලෙස හඳුන්වනු ලබන සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරිපත් වෙන්නේ ද ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වශයෙනුයි.
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ ද එහි ආදි ශිෂ්‍යයෙකු වනවා.
මේ වන විට ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක කසුන් රාජිත ද සර්වේශස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.
වේගවත්ම පිතිකරුවකු ලෙස නම් ලද ඉන්දික ද සේරම් ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරන ආදී සිසුවකුයි.