Home Local රත්තරන් කැබලි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

රත්තරන් කැබලි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

634

රුපියල් කෝටි 04ක් පමණ වටිනා කැරට් විසිහතරේ රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ගුවන් මගීන් 09 දෙනෙකු අද (09) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අතරින් තිදෙනකු ශ්‍රී ලාංකිකයන් වන අතර මෙයින් එක් අයෙකු 23 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

අනෙක් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි වියේ පසුවනෙකු වූ අතර ඉතිරි පුද්ගලයා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකි.

මීට අමතරව ඉතිරි ගුවන් මගීන් 06 දෙනා ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන් තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර අවට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වන බව සඳහන්.

මෙම පිරිස අද දින දහවල් 11.00ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මොවුන් මෙම රත්තරන් කැබලි ඔවුන්ගේ මුඛයේ සහ ඔවුන් ඇද සිටි ඇදුම් අතරත් ඔවුන්ගේ ගමන් භාණ්ඩ පටවා ගෙන ගුවන් තොටුපළ තුළ තල්ලු කරගෙන යන ට්‍රොලි රථවල යට කොටස් වලද අලවා ගෙන සගවාගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි කැරට් විසි හතරේ රත්තරන් කැබලි 59ක් තිබී ඇති අතර, ඒවා කිලෝ ග්රැම් 05යි ග්රැම් 271ක බරකින් යුතු වූ රුපියල් තුන් කෝටි අනූ දෙලක්ෂ හතලිස් හත් දහස් අට සිය දහයක් (3,92,47,810) ක් වටිනා බවද වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here