Home World නෙදර්ලන්ත ප්‍රහාරයේ සැකකරුවකු පොලිස් අත්අඩංගුවට

නෙදර්ලන්ත ප්‍රහාරයේ සැකකරුවකු පොලිස් අත්අඩංගුවට

682

නෙදර්ලන්තයේ, යූට්‍රෙක්ට් නගරයේ ට්‍රෑම් රථයක් තුළ සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එරට වේලාවෙන් පෙ.ව.10.45ට පමණ, නගරයේ බටහිර කලාපයේ පිහිටි ට්‍රෑම් රථ නැවතුම් පොළක් ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරයෙන් පැය කිහිපයකට අනතුරුව 37 හැවිරිදි ගොක්මන් ටානිස් (Gokmen Tanis), නම් තුර්කි ජාතිකයෙකු සැතපුම් 02ක් දුරින් (කිලෝමීටර් 03 ක්) පිහිටි ගොඩනැගිල්ලක සිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

බලධාරීන් කියා සිටියේ ප්‍රහාරකයාගේ චේතනාව අපැහැදිලි බවයි.

මෙම සිද්ධියෙන් අනතුරුව නගරය පුරා සියලු පාසල් ද වසාදැමූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here