Home Hit ”යශිකෝ මුතු” සම්මානය දිනූ නිල්මිණි සිගේරා දිවයිනට පැමිණෙයි – PHOTOS

”යශිකෝ මුතු” සම්මානය දිනූ නිල්මිණි සිගේරා දිවයිනට පැමිණෙයි – PHOTOS

667
0

ජපානයේ ඔසාකා ආසියානු 14 වන සිනමා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි තරගකාරී අංශයට ඉදිරිපත් වූ “අසන්ධිමිත්තා” චිත්‍රපටයේ රග පෑ නිල්මිණි සිගේරා එම සිනමා උළෙලේ හොදම රංගනය (Brilliant Performance) වෙනුවෙන් පිදෙන “යශිකෝ මුතු” සම්මානය දිනා ගනිමින් අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියා.

ආසියානු රටවල් 14ක සහභාගීත්වයෙන් 08 වනදා සිට 17 වනදා දින දක්වා මෙම චිත්‍රපට උළෙල ජපානයේ ඔසාකා නුවර පවත්වා තිබුණා.

රාත්තල් 300 ක් බර තරබාරු කාන්තාවක් වීම නිසා ඇය සමාජීය වශයෙන් සහ පවුල් කුටුම්භය තුළ පීඩනයට පත් වන ආකාරය සමන් වික්‍රමාරච්චි විසින් රචිත ” අසන්ධිමිත්තා” නව කථාව ඇසුරෙන් අශෝක හදගම මෙම චිත්‍රපටය නිපදවා තිබෙනවා.

ඇයට මෙම ජයග්‍රහණය වෙනුවෙන් වටිනා සහතිකයක් සහ ජපානයේ ස්වභාවික මුතු වලින් නිපදවූ යශිකෝ මුතු මාලයක් ද එම චිත්‍රපට උළෙලේ සංවිධායකවරුන් විසින් පිරිනමා තිබුණා.

මෙම ජයග්‍රහණය රැගෙන නිල්මිණි සිගේරා අද දින අලුයම 12.10ට හොංකොං සිට පැමිණි කැතේ පැසිෆික් ගුවන් සේවයේ CX – 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඇය පිළිගැනීම සදහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුළ, මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ අශෝක හදගම ඇතුළු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළු නිළියන් විශාල පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

නිල්මිණි සිගේරා මහත්මිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන අතර ඇය රග පෑ මුල්ම චිත්‍රපටය මෙය වීම ද විශේෂත්වයකි.

dav
dav
dav
sdr

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here