මුත්තයියා මුරලිදරන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරග වීරයා සම්මානයන් ඔහු භාරකාරත්වය දරණ ”ගුණජය සතුට” පදනමට පරිත්‍යාග කර තිබෙනවා.
සීනිගම පිහිටා ඇති එම පදනමේ මූලස්ථානයේ ඉදිකිරීමට යෝජිත ‘මුරලි කෞතුකාගාරය’ වෙත මුරලි මෙසේ සිය තරග වීරයා සම්මානයන් පරිත්‍යාග කරනු ලැබුවා.
එසේම මෙම කෞතුගාරය වෙත කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සිහිවටනයන් ද ලබාදෙන ලෙස මුරලි ඉල්ලීමක් කර ඇතැයිද එම පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර සඳහන් කරනවා.