Home Local මහින්දේ පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරට

මහින්දේ පාසල් ළමුන් රැගත් බස් රථයක් අනතුරට

436
0

පාසල් අධ්‍යාපන චාරිකාවක යමින් සිටි ළමුන් පිරිසක් රැගත් පුද්ගලික බස්රථයක් අම්බලන්තොට, දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත්කර තිබෙනවා.

අද (19) උදෑසන 08.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ 02ම තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබියදී ලංගම බස් රථය මගියෙකු ගැනීම සඳහා එකවර රථය නතර කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයකයකි.

අනතුරින් බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් දෙදෙනකු ද සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here