Home Local මධ්‍යම කඳුකරයට අයිස් වැස්සක් – PHOTOS

මධ්‍යම කඳුකරයට අයිස් වැස්සක් – PHOTOS

473
0

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (18) පස්වරුවේ තද වැසි පතිත වූ බව අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.

ඊයේ පස්වරු 3.15 සිට පස්වරු 3.45 දක්වා බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත වී තිබෙනවා.

එමෙන්ම කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නගර සිමාවේ ස්ථාන කිහිපයකට වර්ෂාවත් සමග අයිස් වැසි පතිත වු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම පහල බැස තිබු අතර, ප්‍රදේශය පුරා ජල මුලාශ සිදි යාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here