Home Local උඩරට දුම්රිය මාර්ගයේ හටගත් ගින්නකින් අක්කර 10ක විනාශයක්

උඩරට දුම්රිය මාර්ගයේ හටගත් ගින්නකින් අක්කර 10ක විනාශයක්

332

උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට ඉහලින් රොසැල්ල රක්ෂිතයේ ඊයේ (18) පස්වරුවේ හට ගත් ගින්නකින් අක්කර 10ක පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව වටවල පොලිසිය පවසනවා.

ඊයේ පස්වරු 02ට පමණ දුම්රිය මාර්ගයට ඉහලින් හටගත් ගින්න රක්ෂිතයේ කදු මුදුන දක්වා පැතිර ගොස් අද (19) අලුයම වන විට එම ගින්න නිවි ගොස් තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා කිසියම් කෙනෙක් ඉලුක් සහිත රොසැල්ල රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

රොසැල්ල රක්ෂිතයේ සිට ජල මුලාශ කිහිපයක් පහලට ගල බසිනා අතර එම ජලය හරස් කර ගනිමින් උඩරට දුම්රිය මාර්ගයට පහලින් රොසැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පානිය ජලය ද ලබාගන්නා බවයි වාර්තා වන්නේ.

ගිනි තැබිම හේතුවෙන් එම ජල මුලාශද සිදියාමේ අවධානමකට ලක් වි ඇති බවයි රොසැල්ල ප්‍රදේශවාසින් පවසන්නේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here