Home Local රත්ගම සිද්ධියේ සැකකරුවන් 08 දෙනෙකු රිමාන්ඩ්

රත්ගම සිද්ධියේ සැකකරුවන් 08 දෙනෙකු රිමාන්ඩ්

580

රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ තවත් නිලධාරින් 07 දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරියකු ඇතුළු සැකකරුවන් 08 දෙදෙනකු ද 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කර තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවන් මධ්‍යම රාත්‍රීයේම මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව 15කි.

එම සැකකරුවන්ගෙන් 13ක් පොලිස් නිලධාරින් වන අතර දෙදෙනක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here