Home Local බ්‍රිගේඩියර් සරත් ඇඹව මියයයි

බ්‍රිගේඩියර් සරත් ඇඹව මියයයි

1160

ඒ 1990 වර්ෂයයි. නැගෙනහිර පළාත තුල කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් එන්න එන්නම වර්ධනයක් මේ කාලය තුල පෙන්නුම් විය. කරුණා නැගෙනහිර කොටි නායකත්වය ඉසිලිය. කොටි ක්‍රියාකාරකම් උපරිමයට ළඟාවෙමින් නැගනහිර පොලිස් ස්ථාන වටලා ඉහලින් ආ නියෝග මත භාර වූ නිරායුධ පොලිස් නිලධාරීන් 600 අධික පිරිසක් සමුල ඝාතනය කිරීමට හිත පිත් නැති කොටි ත්‍රස්තයන් මිලේච්ඡ විය.

සහකාර පොලිස් අධිකාරී අයිවන් බොතේජු එවකට කල්මුනේ පොලිස් ස්ථානාධිපතිවරයා විය. ඔහු සතුරාට යටත්වීමට අකමැතිවිය. යටත්වුවහොත් මරණය නිසක බව ඔහුට හැගි ගොස් තිබිණි. දිගින් දිගටම ගුවන් සහය හා කාලතුවක්කු සහය ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප වුයේ ඉහලින්ම ආ නියෝග පරිදිය. පැය කිහිපයකට පසු පොලිස්පති ඔහුට පුද්ගලිකවම දුරකතනෙන් අමතා යටත් වන ලෙසත්, නිරුපද්‍රිතව ආපසු ආ හැකි බවත් පැවසිය. නමුත් තිරුක්කොවිල් වනාන්තරයට රැගෙන ආ ස්ථානධිපතිවරයා හට උරුම වුයේ පපුවට වෙඩි උන්ඩ යි.

ඒ වන විට ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් කණ්ඩායමක් කලවංචිකුඩි කඳවුරේ ස්ථාන ගත කර තිබිණි. එහි නිලධාරී අණදෙන ලෙස කටයුතු කළ කපිතාන් සරත් ඇඹව කොටින් හට යටත්වීම ප්‍රතික්ෂේප කරන ලදී. අසල පොලිසියේ සිටි නිලධාරීන්ටද යටත් නොවන ලෙස පැවසූ ඔහුගේ වචන වලට අවනත වූ පොලිස් නිලධාරීන් 11 දෙනෙක් කොටි වෙඩි පහර මැද දිව විත් හමුදා කඳවුර තුලට පැමිණි අතර නමුත් බරපතල තුවාල ලැබූ කොස්තාපල් උක්කු බණ්ඩා මිය ගියේය. දැඩි පානිය ජල හිඟයකට සහ යුධ සැපයුම් නොමැති තත්තවයකට මුහුණ දෙමින් සතුරා සමග දින දහ නවයක් එක දිගට විසි හතර පැයේම සහොදර සෙබලුන්ගේ ඉරනම වෙනුවෙන් සටන් කරමින් විශේෂ බලකා ආධාරක කණ්ඩායම් පැමිණෙන තෙක් කඳවුර සහ භට පිරිස රැක ගැනීමට ඒ වීර සෙන්පති සරත් ඇඹව සමත් වී තිබුනි.

එම සිද්ධියෙන් පසු පළමු විශේෂ බලකායේ අණදෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල් ෆස්ලි ලාෆීර් ඇමතූ කපිතාන් සරත් ඇඹව “සර් මමත් කොහොම හරි SF එනවා..” විඩාබර නමුත් ස්ථිර කටහඩකින් පැවසිය. එය සැබෑවක් කරමින් පාඨමාලා අංක 10 සාර්ථකව නිම කරමින් ඔහු විශේෂ බලකා පවුලට එක් වූ අතර බලය බිඳ දැමූ විශ්මිත ප්‍රහාර මාලාවේ දී ලුතිනන් කර්නල් රාජ් විජේසිරි යටතේ වූ දෙවන විශේෂ බලකායේ බ්‍රාවෝ බළගණය මෙහෙයවමින් රණබිම දිග් විජය කිරීමට එම නිර්භීත රණකාමියා පෙරමුණ ගනු ලැබීය.

ඇතුගල්පුරයටම අභිමානය ගෙන දෙමින් රණබිම දිනූ බ්‍රිගේඩියර් සරත් ඇඹව මලියදේව විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ අතර සිය තිස් තුන් වසරක සේවා කාලය තුලදී රණබිමේ වීරත්වය උදෙසා පිරිනැමෙන රණවීර පදක්කම, රණශූර පදක්කම, උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් රාශියකින් පිදුම් ලැබීය. සේවා කාලයේ ආබාධිත තත්වයට පත් වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරියෙකු වූ මේ වීර සෙන්පතිවරයා විශේෂ බලකා RFT අණදෙන නිලදාරි ලෙසද, විශේෂ බලකා වැඩ බලන සේනා විධායක ලෙසද, රණවිරු සෙවනේ අණදෙන නිළධාරි ලෙසද, සෙනෙහස අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂක ලෙසද කටයුතු කල අතර තිස් තුන් වසක සේවා කාලය අවසන් කර හමුදාවට සමු දුන්නේ ගිය වසරේදීය.

සටහන -Umanga Bandaraus

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here