Home Local පාසලක පරිගණකයක් සහ රූපවාහිනියක් සොරකම් කළ අයෙකුට වසර 02ක බරපතල සිරදඬුවම්

පාසලක පරිගණකයක් සහ රූපවාහිනියක් සොරකම් කළ අයෙකුට වසර 02ක බරපතල සිරදඬුවම්

287
0

හික්කඩුව, හෙන්නාතොට විද්‍යාවර්ධන විදුහල බිඳ රුපියල් 106,400ක් වටිනා පරිගණක සහ රූපවාහිනියක් සොරකම් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංක විසින් පෙරේදා (18) බරපතල වැඩ සහිත වසර 02ක සිරදඬුවමක් සහ රුපියල් 319,200ක දඩයක් නියම කොට සිරදඬුවම දස වසරකට අත්හිටුවනු ලැබුවා.

දඩය නොගෙවන්නේ නම් තවත් එක් වසරක සිරදඬුවමක් ද විත්තිකරුට නියමව තිබෙනවා.

ඔහුට එරෙහිව පොදු දේපල පනත යටතේ ද නඩු පවරා තිබෙනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here