Home Hit මිල සූත‍්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට

මිල සූත‍්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට

399

රජය මගින් පත්කළ තාක්‍ෂණ කමිටුව මගින් මාස 02ක් පුරා විවිධ සාධක ඔස්සේ විස්තරාත්මකව සකස් කළ මිල සූත‍්‍රය අනුව මින් ඉදිරියට සෑම තුන් මසකට වරක් කිරිපිටි මිල සංශෝධනය වන බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් ගම්පොලදී කියා සිටියා.

තාක්‍ෂණ කමිටුව මගින් සකස් කළ මෙම මිල සූත‍්‍රය ජීවන වියදම සඳහා වූ කැබිනට් අනුකමිටුවට යොමු කිරීමෙන් පසු මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව මෙසේ යොදය සහිත ආනයනික කිරිපිටි සඳහා මිල සංශෝධනය වූ බවත් ඔහු සඳහන් කළා.

මිල සංශෝධනයට අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 920ක් ලෙස රුපියල් 60කින් හා ග‍්‍රෑම් 400පැකට් එක රුපියල් 370ක් ලෙස රුපියල් 25කිනුත් වැඩිවී තිබෙනවා.

ඒ ආකාරයට ග‍්‍රෑම් 200 පැකට් එක රුපියල් 230ක් ලෙසත් ග‍්‍රෑම් 150 පැකට් එක රුපියල් 140 වශයෙනුත් සංශෝධනය වී තිබෙනවා.

රජය මෙවැනි ක‍්‍රියාමාර්ගයකට යන්න හේතුව වූයේ ජාත්‍යන්තරව කිරිපිටි මිල අඩුවූ අවස්ථාවල මෙරට පාරිභෝගිකයාට ඒ වාසිය නොලැබීම නිසාය යන්න ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ, පාරිභෝගික සේවා අධිකාරිය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය, ආර්ථික ප‍්‍රතිසංස්කරණ හා පොදු බෙදාහැරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ කිරිපිටි ආනයනය කරන්නන්ගෙන් සැදුම්ලත් තාක්‍ෂණ කමිටුව විසින් මෙම මිල සූත‍්‍රය සකස් කළ බවයි.

කිරිපිටි ආනයනය කරන සමාගම් වෙන වෙනම පාරිභෝගික අධිකාරිය සමග ගිවිසුම්ගත වීමෙන් පසුවයි මෙම මිල සංශෝධනයන් ලබාදීම සිදුකර තිබෙනවා.

දැනට මෙම මිල සංශෝධනය ආනයනය කරන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සඳහා පමණක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පැවසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉදිරියේදී දේශීය කිරිපිටි සම්බන්ධයෙන් රජයේ ප‍්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට තීරණය වුවහොත් ඒ අනුව කටයුතු කරන බවද කියා සිටියා.

රජය විසින් හඳුන්වාදුන් කිරිපිටි මිල සූත‍්‍රය අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝවක මිල රුපියල් 60කින්ද ග‍්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25 කින්ද ඉහළ දමා ඇති අතර මෙම මිල වැඩිවීමත් සමග දැනට වෙළෙඳපොලේ අලෙවිවන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝවක මිල රුපියල් 860 සිට 920 දක්වාත් ග‍්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 345 සිට රුපියල් 370 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

ළදරු කිරිපිටි මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නැහැ.

සුරංග දිල්හාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here