Home World මෘදු දැවැන්තයා නොහොත් මිහිපිට සිටි උසම මිනිසා

මෘදු දැවැන්තයා නොහොත් මිහිපිට සිටි උසම මිනිසා

717

රොබට් වොඩ්ලෝ, අඩි 8 යි අගල් 11.1 ක් උස් වූ ලොව එදා මෙදා තුර ජීවත් වූ උසම මිනිසා.

1918 හී පෙබරවාරි 22 ඉලිනොයිස් හී උපත ලද වොඩ්ලෝ පිටියුටරි ග්‍රන්ථියේ අධිවර්ධනය හෙතු කොටගෙන මානව වර්ධක හෝමෝනයේ අධිස්‍රාවය නිසා කුඩා කල සිටම අතිශය ඉක්මන් වර්ධනයක් පෙන්නුම් කල අතර වයස අවුරුදු 8 දී සිය පියාගේ උස පරයා ගිය අතර පාසල් අවධිය අවසානයේ ඔහු අඩි 8 යි අගල් 4ක් උස් විය.

Image result for tallest man ever recorded

දිගින් දිගටම නොනැවතී වර්ධනය වූ වොඩ්ලෝ පසුකලෙක උස වැඩිවීම හා පාදවල සංවේදනය අඩු වී යෑම හේතුකොටගෙන ඇවිදීමට අපහසු තත්වයකට පත් විය. ඒ හේතුකොටගෙන යකඩ පා පටි (shoe braces) පැලදීමට ඔහුට සිදු විය.

1940 හී ජූනි 27 වන දින 22 හැවිරිදි වොඩ්ලෝ එතෙක් ලොව ජීවත් වූ උසම මිනිසා වූ ජෝන් රෝගන් අභිබවා යමින් ලොවඋසම මිනිසා යන විරුදාවලිය ලැබීය.

එම වසරේම ජූලි 04 වන දින සපත්තුවට කැපී යාම නිසා ඔහුගේ වළලුකර මත කුඩා තුවාලයක් ඇති වූ අතර එය නොසිදූ විරූ ලෙස ආසාදනය වීමෙන් ඊට දින 11 ට පසුව එනම් 1940 හි ජූලී 15 වන දින 22 හැවිරිදි ලොව උසම මිනිසා නින්දේදී අභාවප්‍රාප්ත විය. ඒ වන විට ඔහු ලොව උසම මිනිසා බවට පත් වී යන්තම් දින 18ක් ගත වූවා පමණි.

Image result for tallest man ever recorded

ඔහු ආදාහනය කිරීම සදහා ලොව විශාලතම මිනී පෙට්ටිය සෑදු අතර එය දිගින් අඩි 10 යි අගල් 09 ක් ද, පළලින් අඩි 02 යි අගල් 08 කින් ද ගැඹුරින් අඩි 02 යි අගල් 06කින් ද යුක්ත වූ අතර බරින් කිලෝ 450 ක් විය. කිලෝ 199 ක් බර දේහය සමග මිනී පෙට්ටිය ඔසවාගෙන යාම 20 දෙනෙකුගේ කරමතින් සිදු විය.

ඔහුගේ ජීවමාන ප්‍රමණයේ පිළිරූ ලොව පුරා දැකගත හැකි අතර ඉන් එකක් ඔහු උගත් පාසලේද, තවෙකක් ලෝක ගිනස් වාර්තා මූලස්තානයේ ද පිහිටා ඇත. ආදරණීය මිනිසෙකු වූ රොබට් පර්සිං වොඩ්ලෝ මෘදු දැවැන්තයා යන ආදර නාමයෙන් හැදින්වෙයි.

Image result for tallest man ever recorded

ඓතිහාසික ජායාරූප පිටුව ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here