Home Local ත්‍රිකුණාමල වරායේ අශ්රොප් ජැටියට සේන්දු වූ ඔස්ට්‍රේලියානු නෞකා – PHOTOS

ත්‍රිකුණාමල වරායේ අශ්රොප් ජැටියට සේන්දු වූ ඔස්ට්‍රේලියානු නෞකා – PHOTOS

307

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් “ඩයමන්ටිනා“ හා “ලී චූන් “නැමැති යුධ නෞකා 02 දෙරටේ නාවික කටයුතු වල අත්දැකිම් හුවමාරු කරගැනිම සදහා ත්‍රිකුණාමලය වරායේ අශ්රොප් ජැටියට සේන්දු වී තිබෙනවා.

දෙවන ලෝක යුධ සමයේ මඩකලපුව මුහුදු තීරයේ මුහුදුබත් වු නෞකාවක් සේවිමේ මුලික කටයුතු වලට පැමිණි මෙම නෞකා 02 ත්‍රිකුණාමලය වරායේදි නාවික සම්ප්‍රදායානු කූලව පිළිගනු ලැබුවා.

නෞකා දෙකේ අණදෙන නිලධාරිවරුන් සමග නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සුහද පිළිසදරක යෙදි තිලිණ හුවමාරුකර ගැනිමක්ද සිදුවුණා.

ලබන 20 වනදා දක්වා ශ්‍රි ලංකාවේ රැදි සිටින කාල සීමාවේදි විවිධ වැඩසටහන් රැසකට දායකත්වය ලබාදිමට මෙම ඕස්ට්‍රේලියානු නාවික බල ඇණිය කටයුතු කරනු ලබනවා.

අමදෝරු අමරජිව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here