Home Local වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් පසුගිය වසරේ නකල්ස් කලාපයට

වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් පසුගිය වසරේ නකල්ස් කලාපයට

336
0

පසුගිය වසරේ දී නකල්ස් රක්ෂිත වනාන්තර ආශ්‍රිතව සංචාරය කළ දේශිය සංචාරකයින්ගෙන් රැපියල් විසි තුන් ලක්ෂ පනස් හය දහස් එකසිය හැටපහක (2,356,165.00) ආදායමක් ලබා ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

ඒ අතරින් දේශිය සංචාරකයින්ගෙන් රැපියල් දහ අට ලක්ෂ හැත්තෑ දහස් දෙසිය හැත්තෑ පහක් ද (1,870,275.00) දේශිය සංචාරකයින්ගෙන් රැපියල් හාරලක්ෂ අසූ පන්දහස් අටසිය අනූවක් ද (485,890.00) ලැබී තිබෙනවා.

පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපාතිය යටතේ නකල්ස් රක්ෂිත භූමියේ සිදුකිරිමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරිමේ වැඩසටහන් ඉකුත්දා (14) නකල්ස් රක්ෂිත ප්‍රදේශයේ දී පැවැත්වුණා.

එහිදි පැමැණි පිරිස් දැනුවත් කරමින් මාතලේ දිසා අඩවි වන නිලධාරි අශෝක හේරත් මෙම අදහස් පල කරනු ලැබුවා.

එහි දි අනාවරණය වු සංඛ්‍යා ලේඛන දත්ත වාර්තාවන්ට අනුව පිටවල පතනේ දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ලද ආදායම පසුගිය 2018 වසරේ රැපියල් විසි තුන් ලක්ෂ පනස් හය දහස් එකසිය හැට පහක් (2,356,165.00) බවයි වාර්තා වන්නේ.

සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය වසරේ දී සංචාරකයින්ගේ පැමැණිම වාර්තාවන්නේ මේ ආකාරයෙනි.

රිවස්ටන් නැරඹිම සදහා පුද්ගලයින් ලක්ෂයක් හා මෝටර් රථ 2000ක් පැමිණ තිබෙනවා.

පිටවල පතන නැරඹිම සදහා පුද්ගලයින් 69659ක් හා බස් රථ 1000ක් වාර්තා වන අතර මානිගල තරණය සදහා පසුගිය වසරේ පැමිණි පිරිස් ගනන 1000ක් මෙන්ම ඒ සඳහා පැමිණි වෑන් රථ සංඛ්‍යාව 2500ක් බවයි වාර්තා වන්නේ.

සේර ඇල්ල නැරඹිම සදහා පැමිණි සංඛ්‍යාව පනස් දහසක් (50,000) වන අතර එහි පැමිණි ත්‍රිරෝද රථ සංඛ්‍යාව 3500කි.

වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව තෙල්ගමු ඔය නැරඹිම සදහා පැමිණි ගනන 25000ක් වන අතර එහි පැමිණි යතුරැ පැදි සඛ්‍යාව 4000කි.

මීට අමතරව දුවිලි ඇල්ල නැරඹිම සදහා 500ක් හා රථවාහන 500ක් පැමිණ ඇති බව වාර්තා වනවා.

ලකේගල හා රඹුක්ඔළුව නැරඹිම සදහා 500ක් වශයෙන් ද පිරිස් සහභාගී වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන වල සදහන්.

පසුගිය වසරට සාපේක්ෂව 2019 වසරේ දී නකල්ස් සංචාරක කළාපයට සංචාරකයින්ගේ පැමිණිම වැඩිකර ගැනීම සදහා සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් වර්ධනය කිරිමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව මාතලේ දිසා අඩවි වන නිලධාරි අශෝක හේරත් වැඩිදුරටත් කියා සිටිනවා.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here