Home Hit රත්තරං දේශපාලනයෙන් සමුගැනීමේ තීරණයක්

රත්තරං දේශපාලනයෙන් සමුගැනීමේ තීරණයක්

690

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් ඉවත්විමට තිරණය කර තිබෙනවා.

ඔහු අද (18) උදැසන සිය නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි තමාගේ ඉල්ලා අස්විම ප්‍රකාශයට පත්කල අතර දැනට අධිකරණයේ තමාට විරුද්ධව පවතින නඩුවෙන් නිදොස් කොට නිදහස් වූ දිනයක නැවත දේශපාලනයට එන බවද කියා සිටියා.

එහිදි ඔහු කියා සිටියේ, “දැනට මට විරුද්ධ අධිකරණයේ නඩුවත් තිබෙනවා. එහෙම නඩුවක් තියෙනවිට දේශපාලය කිරිම මට ඡන්දය දුන් ජනතාවටත් පක්ෂයටත් නායකයින්ටත් කරන අගෞරවයක් කියල හිතනවා. එනිසා කෙළින් කතා කරන කෙලින් වැඩ කරන මේ රත්තරන් දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කලා.

මම දේශපාලනයට ඇවිල්ල සියලු සේසතම දන්දුන් කෙනෙක්. මුලු ජිවිතයම දේශපාලනයට කැප කලා. මේක මගේ තනි තින්දුවක්. අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වූ පසු දේශපාලනයට එනවා. මට සහාය දුන් සියලුම දෙනාට ස්තුතිය පල කරනවා“

16 හැවිරිදි දැරියකට බර පතල ලිංගික අපයෝජයක් සිදු කිරිම සම්බන්ධයෙන් ඔහුටවිරුද්ධව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිට නඩුවක් පවරා තිබෙනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here