Home Local ”පහසුකම් දෙනවා නම් පැල්වත්තෙන් රටටම අවශ්‍ය කිරි ‌‌දෙනවා” – ආරියශීලි වික්‍රමනායක

”පහසුකම් දෙනවා නම් පැල්වත්තෙන් රටටම අවශ්‍ය කිරි ‌‌දෙනවා” – ආරියශීලි වික්‍රමනායක

4017

රජය අවශ්‍යපහසුකම් ලබාදීමට කටයුතු කරනවානම්, රටටම අවශ්‍ය කිරි ලබාදීමට තම සමාගමට හැකියාව තිබෙන බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා පවසනවා.

කිරි ගවයන්ට රටට අවශ්‍ය තරම් කිරි ලබාදීමට හැකියාව තිබෙන බවත්, පවතින තත්ත්වයට අනුව ලබන මාසය වනවිට ගොවීන්ට මහපාරේ කිරි හැලීමට පවා සිදුවිය හැකි බවත් ඔහු සනදහන් කර සිටියා.

එසේම ආනයනික පිටිකිරි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදී තිබෙන අතර, පිටිකිරිවල ප්‍රමිතිය පිළිබඳ ඇති ගැටලුව සොයා බැලීමට තවමත් කටයුතු කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඒ පිළිබඳ සොයා බලන ලෙස අද (18) දින පාරිභෝගික කටයුතු අධිකාරියට නැවත මතක් කර සිටින බවයි හෙතෙම පවසන්නේ.

දේශීය වශයෙන් ක්‍රියාත්මක වන තම සමාගමට රටට අවශ්‍ය දියර කිරි, පිටිකිරි හා බටර් ඇතුළු නිෂ්පාදන 100%ක් ලබාදීමට හැකියාව තිබෙන බවත්, දේශීය වෙළෙඳපොළ තුළ ඉඩක් නොමැති නිසා බටර් විශාල වශයෙන් විදේශ රටවලට අපනයනය කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here