Home Local ජල සම්පාදනයේ ක්ලොරින් ගබඩා කර තිබූ සිලින්ඩරයක කාන්දුවකින් අයෙක් රෝහලට

ජල සම්පාදනයේ ක්ලොරින් ගබඩා කර තිබූ සිලින්ඩරයක කාන්දුවකින් අයෙක් රෝහලට

328

මස්කෙලිය ජල සම්පාදන මණ්ඩලයේ ක්ලොරින් ගබඩා කර තිබු සිලින්ඩරයක ඇති වු කාන්දුවීමක් හේතුවෙන් එම කාර්යයාලයේ සේවකයෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව මස්කෙලිය පොලිසිය පවසනවා.

අද (18) උදැසන 11ට පමණ කිලෝ 100 පමණ වු ක්ලොරින් රසායනියක ද්‍රව්‍යය සිලින්ඩරයෙන් විශාල ප්‍රමාණයක් වාතාශයට මුසු වි ඇති බවයි මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක කියා සිටියේ.

ක්ලොරින් රසායනික ද්‍රව්‍යය වාතාශයට මුසු විම නිසා ජල සම්පාදන මණ්ඩලයේ සෙසු සේවකයන් ඉන් ඉවත් කල බවත්, අවට ප්‍රදේශයේ දැඩි දුගන්ධයක් හමන නිසා අවට පදිංචිකරුවන්ට නිවස්වල ජනේල් දොරවල් වසා සිටින ලෙස දැනුම් දුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here