Home Sports ඇෆ්ගනිස්ථානය පළමු ‌ටෙස්ට් ජය ලබයි

ඇෆ්ගනිස්ථානය පළමු ‌ටෙස්ට් ජය ලබයි

526
0

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දින 277කට පසුව තම පළමු ටෙස්ට් තරග ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.

ඒ අයර්ලන්තයට එරෙහිව ඉන්දියාවේ උත්තරාකන්ද්හි රජිව් ගාන්ධි පිටියේ පැවැති තරගයෙන් කඩුලු හතක ජයක් ලබමිනි. 15 දා ආරම්භ වූ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 172ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය ලකුණු 314ක් රැස්කළේය.

ඒ අනුව ලකුණු 142ක් පසුපසින් සිටිමින් නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අයර්ලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 288ක් පමණි.ඒ අනුව ඇෆ්ගනිස්ථානයට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 147ක ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය කඩුලු තුනක් පමණක් වැයකර පසුකර යෑමට ඇෆ්ගනිස්ථානය සමත්වූයේය. තරගයේ වීරයා ලෙස රහමත් ෂා සම්මාන ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here