බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ අරක්කු බෝතලයක ද මිල වැඩි කිරීමට තමන් යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.
මෙවර අයවැයෙන් විශේෂ අරක්කු බෝතලයක හැර අනෙක් මත්පැන් වර්ග වල මිල ඉහළ දමනු ලැබුවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසනු ලැබුවා.
මත්පැන්, සිගරට්, බීර, වයින්, දුම්කොළ සහ බීඩි නිෂ්පාදනවල මිල අයවැය මඟින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය තමන් අගය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.
ග්‍රාමීය ජනතාව වැඩි වශයෙන් විශේෂ අරක්කු හෙවත් පානය කරන බවත්, ඔවුන් අනවබෝධයෙන් මේවා පානය කිරීම වැළැක්වීම සඳහා මෙහි මිල ද වැඩි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.