Home Hit පාර්ලිමේන්තු මන්ත්‍රී මස්තා‍න්ගේ වාහනයේ ගැටී තිදෙනෙකුට තුවාල – PHOTOS

පාර්ලිමේන්තු මන්ත්‍රී මස්තා‍න්ගේ වාහනයේ ගැටී තිදෙනෙකුට තුවාල – PHOTOS

368

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ගමන්ගත් වාහනයේ යතුරුපැදියක් අද (16) උදැසන ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය මහකුඹුගොල්ලෑව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ අනුරාධපුරය දෙස සිට වවුනියාව දෙසට පැමිණි මන්ත්‍රීවරයා ගමන්ගත් වාහනය ඉදිරියෙන් ගමන්ගත් යතුරුපැදියක ගැටී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවචිචිය පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසුවේ පූනෑව, මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී කැබ් රථයක් යතුරුපැදියක ගැටී එකම පවුලේ මව, පියා හා දරුවා තුවාල ලබා ඇති බවයි.

වවුනියාව දෙසට ගමන්ගත් කැබ් රථයක එදෙසටම ගමන් ගත් යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබු වවුනියාව පෙරියඋළුක්කුලම ප්‍රදේශයේ පදිංචි තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය සඳහන් කර සිටියා.

සිද්ධියෙන් අනතුරුව කැබ් රථයේ ගමන්ගත් මන්ත්‍රීවරයා වෙනත් වාහනයකින් රැගෙන ගිය බව ප්‍රදේශවාසීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here