Home Local මොරටු සරසවියට නව වෛද්‍ය පීඨයක්

මොරටු සරසවියට නව වෛද්‍ය පීඨයක්

387

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක් ඉදිකිරිමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඒ සඳහා වන ගැසට් නිවේදනය ඉදිරියේදි නිකුත් කරන බවත් ඔහු ප්‍රකාශ කළා.

එසේම මේ වන විට රුහුණු විශ්වවිද්‍යාලට මහල් 12කින් යුත් වෛද්‍ය පීඨ ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත් තවත් විශ්වවිද්‍යාල කිහිපයකම මේ වන විට වෛද්‍ය පිඨ ආරම්භ කර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේදි වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව තවත් 300කින් පමණ ඉහළ යනු ඇති බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here