Home Local යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යාපනය සරසවි සිසුන් විරෝධතාවයක – PHOTOS

යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යාපනය සරසවි සිසුන් විරෝධතාවයක – PHOTOS

330
0

යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉල්ලීම් කරමින් හා යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකාවට ලබාදුන් කාලය ප්‍රමාණවත් බව සදහන් කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් අද (16) විරෝධතාවයක නිරත වුණා.

යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට හා දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියක් හරහා යුධ අපරාධකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවට ඉල්ලීම් කරමිනුයි සිසුන් විරෝධතාවයේ නියැලුනේ.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ යුධ සමයේ සිදුවු යුධ අපරාධ සම්බන්ධයෙන් මෙරට ක්‍රියාවලියක් හරහා පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව විශ්වාස නොකරන බැවින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

යුධ සමයේ සිදුවු යුධ අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලය මෙරට වෙත මේ දක්වා ලබාදුන් කාලය තුළ මෙරට තුළින් සාධාරණ පරීක්ෂණයක් හෝ ක්‍රියාදාමයක් ඉටුවි නොමැති බැවින් ඊට විරුද්ධව තමන් විරෝධතාවය පවත්වන බවද විශ්ව විද්‍යාල සිසුන් පැවසුවා.

විශ්වවිද්‍යාල සිසුන් යුධ අපරාධ සම්බන්ධයෙන් දැක්වෙන අනුරුවක් සකස් කොට වාහනයක සවිකොට එය ධාවනය කරමින් විරෝධතාවය පවත්වනු ලැබුවා.

විරෝධතාවයට යාපනය විශ්වවිද්‍යාල සිසුන්, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා,සිවිල් සංවිධාන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here