Home Local ජනාධිපති කොමිසමට පැමිණිලි 900ක්‌

ජනාධිපති කොමිසමට පැමිණිලි 900ක්‌

285
0

වත්මන් ආණ්‌ඩුවේ සිදුව ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවට මේ වනවිට පැමිණිලි 900ක්‌ ලැබී ඇති බව එම කොමිසම පවසනවා.

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර වෙළෙඳ ඇමැතිවරයා ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඉදිරිපත් කළ පැමිණිල්ලක්‌ ද කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම හේතුවෙන් හානි වූ නිවාස සඳහා වන්දි ගෙවීමේදී තක්‌සේරු නිලධාරීන් වැරදි සහගත ලෙස තක්‌සේරු ඉදිරිපත් කිරීම පිළිබඳ පැමිණිල්ලක්‌ ද ඒ අතර වන බව සඳහන්.

එමෙන්ම මූල්‍ය වටිනාකම් අයකර නොගෙන මෝටර් රථ විශාල ප්‍රමාණයක්‌ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ වෙත ලියාපදිංචියට යොමු කිරීමෙන් සිදුවූයේ යෑයි කියන රුපියල් කෝටි 119ක පාඩුවක්‌ පිළිබඳවත් වාහන එකලස්‌ කිරීමේ ව්‍යාපාරයකට ඇමැතිවරයකු හා රේගු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ලබාදුන්නේ යෑයි කියන නියෝගයක්‌ හේතුවෙන් රජයට රුපියල් කෝටි 149ක පාඩුවක්‌ සිදුකිරීම පිළිබඳවත් පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා.

වත්මන් ආණ්‌ඩුවේ 2015 සිට 2018 දක්‌වා කාලය තුළ සිදුව ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවා.

ලබන 19 වනදා දක්‌වා තවදුරටත් කොමිසම විසින් පැමිණිලි භාරගනු ලබනු ඇති.

රනිල් ධර්මසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here