Home Local අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමක් නිසා දෙවට නොසන්සුන්

අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමක් නිසා දෙවට නොසන්සුන්

347
0

වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් ගාල්ල, කටුගොඩ දෙවැට මුහුදු තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී මීට ටික වෙලාවකට පෙර තරමක් නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබෙනවා.

එහිදී අනවසර ඉදිකිරීම් වල අයිතිකරුවන් විසින් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සමින් විරෝධතාවයක නිරත වුණා.

පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාකරුව විසුරුවාහැර තිබෙනවා.

ඉන් පසු වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අන්වර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම ස්ථානයට කැරලි මර්දන ඒකකයේ සහ පොලීසියේ ආරක්ෂාව ලබා දී ඇති බවයි නිව්ස්හබ් අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

ෆර්හාන් නිසම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here