Home Local බස් නැවතුම්පොළක තිබී හමු වූ රිවොල්වරය – PHOTOS

බස් නැවතුම්පොළක තිබී හමු වූ රිවොල්වරය – PHOTOS

395

හැටන් පෞද්ගලික බස් නැවතුම්පොල අසල වලක් කැපිමේදි වල තුල තිබි රිවොල්වරයක් හමු වි ඇති බව හැටන් පොලිසිය පවසනවා.

හැටන්, දික්ඔය නගර සභාවේ සේවකයින් විසින් අලුතින් වැසිකිලි වලක් කැපිමේදි වල තුළ තිබී ඊයේ (14) පස්වරුවේ රිවොල්වරය හමු වු බවයි හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් සඳහන් කළේ.

නගර සභා සේවකයින් විසින් වැසිකිලි වල කපා ගොඩකර තිබු පස් මත මෙම රිවොල්වරයක් තිබෙන බව නගර සභා සේවකයින් විසින් කල දැනුම්දිමක් මත පොලිසිය විසින් රිවෝල්වරය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පස් යට තිබී හමු වු රිවොල්වරය දිරාපත් වි තිබු බවයි මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

හමුවු රිවොල්වරය සමබන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඉදිරි පරික්ෂණ කටයුතු සිදුකරන බවයි මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here