Home Local ”අගමැතිගේ අමාත්‍යංශයේ නම කියන්න විනාඩි 02ක් යනවා” – නාමල් රාජපක්ෂ

”අගමැතිගේ අමාත්‍යංශයේ නම කියන්න විනාඩි 02ක් යනවා” – නාමල් රාජපක්ෂ

308

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරණ අමාත්‍යාංශයේ නම කීමට පවා විනාඩි 02ක කාලයක් ගතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

එසේම මේ වන විට ජාතික තරුණ සේවා සභාව සිරිකොත කාර්යාලයක් බවට පත් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

වත්මන් ආණ්ඩුවේ ගතවූ වසර 04ක කාලය තුළදී ජනතාවට අසත්‍ය පවසා නොමග යැවීමට කටයුතු කළ බවත්, මහින්ද රාජපක්ෂට දොස් පැවැරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

ඉතිරිව ඇති සුළු කාලයේදී හෝ ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන්නැයිද ඔහු සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here