Home Local පසුගිය වසරේ පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

පසුගිය වසරේ පිළිකා රෝගීන්ගේ වැඩිවීමක්

291

සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි පසුගිය වසරේ (2018) ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 28,000ක් අලුතින් සොයාගෙන තිබෙනවා.

මෙරට සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටිනවා.

එමෙන්ම 2018 වසරේ ලොව පුරා මිලියන 18කට අධික නව පිළිකා රෝගීන් හඳුනාගෙන තිබෙනවා.

ඉදිරි වසර 20 තුළ ලෝකයේ වාර්ෂිකව හඳුනා ගන්නා පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 29 ඉක්මවා යනු ඇතැයි ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ජීවන රටාවේ වෙනසක් තුළින් මෙම තත්වය වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

නිමල කොඩිතුවක්කු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here