වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක, නිෂ්පාදකවරයෙක් වූ සරත් නාමල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වසන්ත ඔබේසේකරගේ ‘දොරකඩ මාරාව’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු රෝස පැටික්කී, කළු සුදු මල් සමඟින් චිත්‍රපට කිහිපයක රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.
‘ආදර වන්තයෝ’ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරමින් ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් වූ සරත් නාමල්ගම ටෙලිනාට්‍ය 15ක පමණ විවිධ චරිත නිරූපණය කළ අයෙකි.
සරත්ගේ බිරිඳ සිනමා නිළි මනිෂා නාමලීය.
සෙනසුරාදා සවස 3.00ට කොහුවල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකෙරෙන අතර නුගේගොඩ, උඩහමුල්ල අංක 64 දරණ නිවසේ ඔහුගේ දේහය තැන්පත් කර තිබෙනවා.