Home Local “අපිට වස කැව්ව නවසීලන්තයට හොඳ වැඩේ” – දෙරණ මාධ්‍යවේදී චාපා බණ්ඩාර

“අපිට වස කැව්ව නවසීලන්තයට හොඳ වැඩේ” – දෙරණ මාධ්‍යවේදී චාපා බණ්ඩාර

685
0

අද(15) නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හී සිදුවූ වෙඩි තැබීමෙන් මේ වනවිට 49 දෙනෙකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙන අතර ලොවපුරා විශාල පිරිසක් එම සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු ලෙස හැදින්වෙන චාපා බණ්ඩාර විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් මේ වනවිට බොහෝ දෙනෙකුගේ දෝශ දර්ෂණයට ලක්ව තිබේ.

නවසීලන්තයෙ දැන් දරුණු විවෘත වෙඩි තැබීම්!
හිතේ ඇති අපට වස කවලා ෆන් එකේ ඉන්න පුළුවං කියල! හහ්… යනුවෙන් ඔහු එම සටහන තබා තිබෙනවා.

දෙරණ මාධ්‍ය ජාලය නියෝජනය කරන චාපා නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස තමන්ව හදුන්වා දෙනවා.

මාධ්‍යවේදියෙකු කෙසේ වෙතත් මානසික රෝගියෙකුවත් මෙම සිදුවීම සාධාරණීකරණය කිරීම යෝග්‍ය නොවන බව ඔහුගේ එම පළ කිරීමට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනෙකු කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here