යාපනය විශ්වවිද්‍යාලයෙන් පසුව උතුරට තවත් විශ්වවිද්‍යාලයක් ‘වන්නි විශ්වවිද්‍යාලය’ නමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
අයවැය කාරක සභා විවාදයට අද (15) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
මේ සඳහා වන ගැසට් නිවේදනය නොබෝ දිනකින්ම නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.