Home Local බැඳුම්කරයට නඩු වැලක්

බැඳුම්කරයට නඩු වැලක්

295

ආන්දෝලනාත්මක මහා බැංකු බැඳුම්කර වංචා චෝදනා වලට අදාළව පළමු නඩුව පැවරීම මාසයක් ඇතුළත සිදුකිරීමට, නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පියවර කිහිපයක් යටතේ නඩු රැසක් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර පළමු නඩුව පැවරෙන්නේ ආන්දෝලනාත්මක පළමු, බැඳුම්කර වෙන්දේසිය පිළිබඳවයි.

පළමු වෙන්දේසිය පිළිබඳව විමර්ශන කටයුතු 85%ක් පමණ අවසන් කර ඇති අතර සති 04ක් ඇතුළත නඩු පැවරීමට නියමිතයි.

ඒ අනුව දැනට රටින් බැහැරව සිටින මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක කසුන් පලිසෙන ද මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කරනු ඇති බව සඳහන්.

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here