Home Local පස් නීතිය ලිහිල් කරයි

පස් නීතිය ලිහිල් කරයි

748

පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා ඒ හා බැඳුනු කාර්යයන් සිදුකිරීමේ දී කියුබ් 35ට වඩා අඩුවෙන් පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම අහෝසි කර තිබෙනවා.

ඒ අනුව ග්‍රාම සේවා නිර්දේශය මත පමණක් සළකා පස් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදෙන බවයි මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කර සිටින්නේ.

මීට පෙර එම බලපත්‍රය ලබාගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහා ඉදිකිරීම් සඳහා අනුමත සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබුණා.

මාර්ග ඉදිකිරීම, බෝක්කු ඉදිකිරීම් ආදී ඉදිකිරීම් වලදී පස් කියුබ් 50ට වඩා අඩු පස් ඉවත් කිරීම සඳහා පවතින බලපත්‍රය අහෝසි කරමින් ග්‍රාම සේවා නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම් වරයා විසින් නිකුත් කරන බලපත්‍රයක් මත පමණක් සළකා පස් ප්‍රවාහනය කිරීමට හැකිවන පරිදි එම බලපත්‍රය ලිහිල් කර තිබෙනවා.

මෙයට පෙර එම බලපත්‍ර ලබාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතන ඇතුළත් දිස්ත්‍රික් කමිටුවක් මඟින් ඒ සඳහා අනුමැතිය ලබා දිය යුතුව තිබුණා.

පස් කියුබ් 50ට වඩා වැඩියෙන්ම පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදීමේ බලය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට හිමිවන පරිදි නව නීති සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ජනතාවගේ පහසුව වෙනුවෙන් විෂය භාර අමාත්‍ය ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන කර සිටින්නේ.

වාණිජ පරමාර්ථයෙන් සිදුකරන පස් කැපීම ඉවත් කිරීම් සහ ගොඩකිරීම් සඳහා මෙම ලිහිල් කිරීම් අදාළ නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

නිමල කොඩිතුවක්කු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here