Home Local ත්‍රීරෝද රථ බද්ධ හාරලක්ෂ අසූදහසකින් ඉහළට

ත්‍රීරෝද රථ බද්ධ හාරලක්ෂ අසූදහසකින් ඉහළට

429

ත්‍රිරෝද රථයක මිල මේ වනවිට රුපියල් ලක්‍ෂ 08කට අධික බවත්, එම මුදලින් රුපියල් හාරලක්‍ෂ අසූදහසක් රජය බදු වශයෙන් අයකර ගන්නා බවත් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරනවා.

ත්‍රිරෝද රථ හිමියන්ට සහන ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සන්දේශයක් පවා භාරදී තිබියදී මෙවර අයවැය තුළින් රුපියල් 60,000ක බද්දක් අලුතින් එකතු කර ඇති බවත්, ඒ හේතුවෙන් ත්‍රිරෝද රථයකට අයකරන බදු ප්‍රමාණය ඉහළ ගිය බවත් එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටිනවා.

දුප්පතාගේ වාහනය හා දුප්පතාගේ ප්‍රවාහන සේවය ලෙස සැලකෙනුයේ ත්‍රිරෝද රථය බවත්, එහෙත් පාලකයන් අකාරුණික ආකාරයට කටයුතු කළ බවත් හෙතෙම පවසනවා.

මෙරට සමස්ත ක්‍රියාවලියම ඉන්ධන මත රඳා පවතින බැවින් ඉන්ධන මිල සූත්‍රය ඉවත් කර, සාමාන්‍ය පරිදි ජීවත් වීමට ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් පසුගියදා ලිඛිතව ඉල්ලා සිටි බවත්, එම ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමුකළ බවට ජනාධිපති කාර්යාලය දැන්වූ බවත් සභාපතිවරයා කියා සිටියා.

එම ඉල්ලීම් සියල්ල ඉවත දමා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින්, ඔටෝ ඩීසල් මිල රුපියලකින් හා සුපර් ඩීසල් මිල රුපියල් 08කින් ඉහළ දැමූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඉන්දික හේවාවිතාරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here