Home World අභිනන්දන්ගේ ඡායාරූප මුහුණුපොතෙන් ඉවත් කරන්නැයි නියෝග

අභිනන්දන්ගේ ඡායාරූප මුහුණුපොතෙන් ඉවත් කරන්නැයි නියෝග

697
0

පාකිස්තාන හමුදාව විසින් වෙඩි තබන ලද ඉන්දීය ගුවන් යානයේ සිටි ගුවන් නියමු අභිනන්දන්ගේ (Abhinandan Varthaman) ඡායාරූප සහිත දැන්වීම් ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කරන ලෙස ඉන්දියානු මැතිවරණ කොමිසම නියෝග කර තිබෙනවා.

ඉන්දීය හමුදාවේ විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන්ගේ ඡායාරූප සහිත දේශපාලන පෝස්ටර් 02ක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ.

දේශපාලන අරමුණු වෙනුවෙන් හමුදා නිලධාරීන් භාවිතා නොකරන්නැයි මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා ඇතැයි ද සඳහන්.

පකිස්තානය විසින් ගුවන් නියමුවා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඔහු වීරවරයෙක් ලෙස හදුන්වමින් ඉන්දියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණා.

මැතිවරණ සමයේ සිදුවන අයථා භාවිතයන් වැළැක්වීමට කැපවී සිටින බවයි ඉන්දීය මැතිවරණ කොමිසමේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆේස්බුක් ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here