Home Entertainment නික්ගෙන් ප්‍රියංකාට කෝටි ගණනක් වටිනා තෑග්ගක්

නික්ගෙන් ප්‍රියංකාට කෝටි ගණනක් වටිනා තෑග්ගක්

473

මෑතකදී විවාහ වූ ජනප්‍රිය අමරිකානු ගායක නික් ජෝන්ස් (nick jonas) ඔහුගේ ආදරණීය බිරිඳ සුප්‍රසිද්ධ බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාට නවතම සුඛෝපභෝගී කාර් රථයක් තෑගි කර තිබෙනවා.

ප්‍රියංකා මේ වාහනයට ‘Extra Chopra Jonas’ කියල සුරතල් නමක් යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය දින කිහිපයේ ‘සොනාලි බෝස්‘ ගේ රූපගත කිරීමකට සහභාගී වූ ප්‍රියංකා නැවත තම සැමියාගේ අමරිකාවේ නිවසට පැමිණ තිබෙනවා.

ප්‍රියංකා ටික කාලයකට පස්සේ නැවතත් ගෙදරට පැමිණීමේ සතුට නිමිති කරගෙනයි නික් මෙම තෑග්ග තමන්ගේ බිරිඳට දීලා එයාව පුදුම කරවලා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් වඩා සතුටට පත් වූ ප්‍රියංකා පහුගිය දවසක තමන්ට ලැබුණු මේ සුඛෝපභෝගී වාහනයයි එයාගේ ආදරණීය සුරතලා Diana වගේම ආදරණීය සැමියා නික් සමඟ එකට ඉන්නා ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කර තිබෙනවා.

නික් කියන්නේ මේ ලෝකයේ සිටින හොඳම සැමියා බවත්, මේ දුන්න තෑග්ගට ස්තුතිවන්ත වන බවත් සඳහන් කරමින් ප්‍රියංකා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

image
Image result for Nick Jonas Just Surprised Priyanka Chopra With a $199,000 Mercedes

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here