මොරගහකන්ද – කළුගග වාරි ව්‍යාපෘතින්හි සංවර්ධන කටයුතු සඳහා ඉවක් බවත් නොමැතිව පරිසරයට හානි සිදුවන බව පරිසර සංවිධාන කියා සිටිනවා.
මෑතකදී ඉදිවු කළු ගග ජලාශයේ ඉහළ කොටස හරහා ඉදිවන රිවස්ටන් මාර්ගය සැකසීමේ දී මෙම පරිසර හානිය වඩාත් උග්‍ර මට්ටමක පවතින බවයි එම සංවිධාන කියා සිටියේ.
ජලාශයේ ජලය පිරිම හේතුවෙන් පැවති පැරණි රිවස්ටන් මාර්ගය යටවීම හේතුවෙන් නව මාර්ගය ඉදිකරමින් පවතිනවා.
කෙසේ වෙතත් පරිසර සංවිධාන අවධාරණය කරන්නේ මෙම මාර්ගය ඉදිකිරිමේ දී මාරග 03ක් සදහා කැපුම් සිදුකර ඇති බවයි.
මේ වන විටත් එම ස්ථානයේ වන විනාශයක් සිදුවී ඇති බව ද ඔවුන් කියා සිටිනවා.
කළුගග ජලාශයට ඉහළින් පිහිටි නව රිවස්ටන් මාර්ගය ඉදිකිරිම හා පරිසර සංවිධාන එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මොරගගහකන්ද – කළුගග වාරි ව්යාපාතින් හි ව්‍යාපෘති අධ්යක්ෂ ඩී.බී. විජේරත්නගෙන් ද විමසීමක් කර සිටිනවා.
එහි දී ඔහු කියා සිටියේ ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීමේදී පැවති මාර්ග වෙනුවට ස්ථිර මාර්ග ඉදිකිරිමේ දී තාවකාලික විකල්ප මාර්ග ඉදිකරන බවයි.
එමෙන්ම ස්ථිර මාර්ගයක් ඉදිකරන තෙක් සිදුවන සංවර්ධන ක්‍රියාවලින් අනතුරැව එම ප්‍රදේශ වල නැවත පැල සිටුවීම සිදුවන බව ද හෙතෙම කියා සිටියා.
මේ වන විටත් මොරගහකන්ද වාරි ව්‍යාපෘතින් සදහා යොදාගත් භූමීවල ලක්ෂ 10කට අධික පැල ප්‍රමාණයක් සිටුවා ඇති බව ද ව්‍යාපෘති අධ්යක්ෂවරයා සඳහන් කර සිටියා.
ඒ සදහා වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ සහාය ද හිමිවි ඇති බව පවසන හෙතෙම කියාසිටියේ පරිසර සංවිධාන නොදකින පරිසර සංරක්ෂණයක් මේ වන විටත් මොරගහකන්ද වාරි ව්‍යපෘති ආශ්‍රිතව සිදුව ඇති බවයි.
ඉන්දික අරැණ කුමාර