Home Local දැරියකට ලිංගික අතවර කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට

දැරියකට ලිංගික අතවර කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට

434

බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කිරීමේ සිදුවීමකට සැකපිට දැරිය ඉගෙනුම ලැබූ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඊයේ (13) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපැලැස්ස – හුංගම මාර්ගයේ පදිංචි 44හැවිරිදි අයෙකි.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රන්න ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙස සේවය කරන්නෙකි.

අතවරයට ලක්ව ඇත්තේ එම විද්‍යාලයේම 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 13 හැවිරිදි දැරියකි.

ඇය සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අත්අඩංගුවට පත්වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ දැරියගේ පියා අතර කාලයක සිට තිබූ හිතවත්කමක් මත දැරිය දැනට මාසයකට පමණ ඉහතදී ඔහු සේවය කරන විද්‍යාලයට ඇතුලත් කරගෙන තිබෙනවා.

තවද දැරියට නවාතැන් දී ඇත්තේද එම පුද්ගලයාට අයත් අඟුණකොළපෑලැස්ස ප්‍රදේශයේ වෙළෙදසැලක ඉහළ මහලය බව පොලිසිය පවසන්නේ.

දැරිය තනිව සිටින අතරතුර මාසයක පමණ කාලයක සිට වරින් වර ඇය ලිංගික අතවරයට ලක්කර ඇතැයි පොලිසිය පවසනවා.

අඟුණකොළපැලැස්ස පොලිස් ස්ථානය ලද නිර්නාමික දුරකතන ඇමතුමක් අනුව දැරිය ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here