Home Local ශ්‍රී පාදය වැඳපුදා ගැනීමට පැමිණි කාම්බෝජ හිමිනමක් මෙරටදී අපවත් වෙයි

ශ්‍රී පාදය වැඳපුදා ගැනීමට පැමිණි කාම්බෝජ හිමිනමක් මෙරටදී අපවත් වෙයි

290

කාම්බෝජයෙන් මෙරටට වැඩම කළ හිමිනමක් දික්ඔය මුලික රෝහලේදි ඊයේ (13) පස්වරුවේ අපවත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

මෙසේ අපවත් වී ඇත්තේ සැම්රොන් ඩාන් නම් 90 හැවිරිදි හිමිනමකි.

කාම්බෝජයෙන් පසුගියදා මෙරටට වැඩම කල සංඝරත්නය සමග අපවත් වී වදාල සැම්රොන් ඩාන් හිමිනමද වැඩම කර ඉකුත් 09 වනදා ශ්‍රි පාදස්ථානය වැඩ පුදාගෙන ආපසු කොළඹ දක්වා යන අතරතුර හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ පස්වරුවේ අපවත් වු බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ දික්ඔය මුලික රෝහල වෙත ඊයේ රාත්‍රි ගොස් අපවත් වු කාම්බෝජ හිමිනමගේ දේහයට අවසන් ගෞරවය දක්වා තිබෙනවා.

අපවත් වී වදාල කාම්බෝජ හිමිනමගේ පශ්චත් මරණ පරික්ෂනය දික්ඔය මුලික රෝහලේදි ඊයේ සිදුකර ඇති අතර දේහය කාම්බෝජ තානාධිපති කාර්යයාලය වෙත භාරදිමට කටයුතු කර ඇති බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here