Home Local ආනයනික කිරිපිටි මිල සූත‍්‍රයට කැබිනට් අනුමැතිය

ආනයනික කිරිපිටි මිල සූත‍්‍රයට කැබිනට් අනුමැතිය

284

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි පවතින මිල හා විනිමය අනුපාතයන්හි වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමට පත් කළ කමිටුව මගිනුයි මෙම මිල සූත‍්‍රය ඉදිරිපත් කර ඇත්තේ.

ආනයනික කිරිපිටි සඳහා වන මෙම මිල සූත‍්‍රය පාරිභෝගික අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබනවා.

කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් විසින් මීට අදාළ යෝජනාවට පෙරේදා (12 ) ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here