Home Local සිසුන් 18කට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

සිසුන් 18කට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

432
0

මඩකලපුව පුනොච්ච්මුනයි ප්‍රදේශයේ විදුහලක 5 ශ්‍රේණියේ දරුවන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එහි ගුරුවරයෙකු මෙම මස (18දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් එම්.එම්.රිස්වාන් මහතා නියෝග කර තිබේ.

මඩකලපුව, නාවක්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් 18 දෙනෙකු  කාත්තන්කුඩ්  මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් පස් දෙනෙකු අද සවස (14දා) රෝහලෙන් පිටව ගොස් තිබිණි.

පාසලේදී ලබාදුන් ක්‍රියාකාරකම් නිසි ලෙස නොකිරීම හේතුවෙන් සැකකාර ගුරුවරයා විසින් සිසුන්ට මෙසේ පහර දී ඇති බව වාර්තාවෙයි.

කාත්තාන්කුඩ් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here