Home Local කැව්මට සම්බන්ධ තුෂාරි ගැන දන්නවනම් පොලීසියට කියන්න

කැව්මට සම්බන්ධ තුෂාරි ගැන දන්නවනම් පොලීසියට කියන්න

525

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ්ගේ ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ කැළුම් ඉන්දික නොහොත් කැවුමා නැමැත්තා‌ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

මොරටුව, කටුබැද්දේ පදිංචිව සිටි නිරෝෂා නිල්මිනී පෙරේරා නොහොත් තුෂාරි නම් සැකකාරියක් අත්අඩංගුවට ගැනිමට පොලීසිය මෙසේ සහාය ඉල්ලා සිටියි.

අවුරුදු 47ක් වන සැකකාරියගේ ඡායාරූපයක් හා ජාතික හැඳුනුම්පතද පොලීසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ඇය පිළිබඳව තොරතුරක් දන්නේ නම් කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතා 071-8591589 අමතන ලෙස පොලීසිය දන්වා සිටියි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here