Home Local අසල්වැසියාට 13න්පොළකට ඇන්න අප්පච්චිට මරණිය දඩුවම

අසල්වැසියාට 13න්පොළකට ඇන්න අප්පච්චිට මරණිය දඩුවම

458

ඉඩම් ආරඅවුලක් මත අසල්වැසියකුට 13පළකට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න  මහතා අද (14)  මරණ දඩුවම් නියම කළේය.

මීට වසර 09 කට පෙර කැලණිය වරාගොඩවත්තේ සිය නිවසේ රාත‍්‍රී ආහාර ගනිමින් සිටි අසල්වාසියාගේ නිවසට ගොස් ඔහුට පහරදී ඔහුගේ නිවස ඉදිරිපිටදීම පිහියෙන් ඇණ මරාදැමු බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව විනිසුරුවරයා තීන්දු කොට තිබිණි.

චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ කැලණිය වරාගොඩ වරාගොඩවත්තේ පදිංචිකරුවන් වන සුදේශ් රංජිත් ප‍්‍රියදර්ශන (55) සහ ධර්මසිරි විජේරත්න හෙවත් සිරිල් හෙවත්  අප්පච්චි (63) නමැත්තන්ටය.

2009 අගොස්තු මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කැලණිය වරාගොඩදී නීතීවිරෝධී රැස්විමකදි සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඩබ්ලිව්.ජේ. ධර්මසිරි ජයසිංහ නමැත්තා ඝාතනය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණි.

වසර 09කට පෙර සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධර්මසිරි විජේරත්න හෙවත් සිරිල් හෙවත්  අප්පච්චි නමැති විත්තිකරුගේ බිරිඳ දරුවන් සහ ඥාතීන් ඇතුළු අටදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබු අතර නඩු විභාගය අවසානයේදී විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා එම විත්තිකරුවන් හයදෙනා සිය ප්‍රථම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කළේය.

දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව මෙම විත්තිකරුවන් දෙදෙනොට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවන්ට ඔවුන් වරදකරුවන් බව තීරණය කළ විනිසුරුවරයා ඔවුන් දෙදෙනොටම මරණීය දඩුවම් නියම කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here