Home Local ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය ඉන්දියාවෙන්

ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය ඉන්දියාවෙන්

555
0

පෙබරවාරි මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 252,033 දෙනෙකු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටිනවා.

ඒ අනුව එය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව වූ 235,618 හා සැසඳීමේදී වඩා පසුගිය මාසයේදී සංචාරකයින් පැමිණීම 07%කින් වර්ධනය වී ඇතැයි ද එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන්.

මේ වසරේ මුල් මාස 02 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,272ක් බවද සංචාරක සංවර්ධන අධිකාරියේ එම දත්ත වාර්තා වල වැඩිදුරටත් වාර්තා වනවා.

ඉකුත් පෙබරවාරි මාසයේ දී පැමිණි සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එරටින් සංචාරකයින් 32,914ක් පැමිණ තිබෙනවා.

නමුත් 2018 වසරේ පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති ඉන්දීය සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී එය සියයට 1.9% ක පහළ යාමක් යැයිද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටිනවා.

ඊට අමතරව බි‍්‍රතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් ගණන 29,750 ක් ද වන අතර එය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින් හා සැසඳීමේ සියයට 8.8% කින් වර්ධනය වී තිබෙනවා.

එක්සත් ජනපදයෙන් සංචාරකයින් පැමිණීම සියයට 61.7 %කින් ද , ඕස්ටේ‍්‍රලියාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 54.8% , කැනඩාවෙන් සංචාරකයින් පැමිණීම සියයට 61.8 % කින්ද පසුගිය පෙබරවාරි මාසයේ දී වාර්තා වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here