Home Local UPDATE : රිච්මන්ඩ් – මහින්ද රථ පෙළපාලි ගාල්ල නගරයට ඇතුළු වීම සහ...

UPDATE : රිච්මන්ඩ් – මහින්ද රථ පෙළපාලි ගාල්ල නගරයට ඇතුළු වීම සහ යතුරුපැදි තහනම් කරමින් අධිකරණයෙන් කොන්දේසි සහිත නියෝගයක්

460
0

රිච්මන්ඩ් – මහින්ද රථ පෙළපාලිය ගාල්ල නගරයට ඇතුළුවීම වලක්වාලමින් ගාල්ල අතීරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (13) පෙරවරුවේ කොන්දේසි සහිත තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ සමග මෙම රථ පෙළපාලිය සදහා යතුරුපැදි යොදාගැනීම ද තහනම් කිරීමටයි අධිකරණය නියෝග කළේ.

රිච්මන්ඩ් – මහින්ද වාර්ෂික විද්‍යාල අතර වාර්ෂික ක්‍රිකට් තරඟයට සමගාමිව යතුරු පැදි සහ රථ පෙළපාලි පැවැත්විම තහනම් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙස ගාල්ල පොලිසිය විසින් කරන ලද ඉල්ලිමක් සළකා බැලු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා අද අධිකරණයේ පෙනි සිටින ලෙස එම විදුහල්වල විදුහල්පතිවරු දෙදෙනාට සහ ආදි සිසු සංගම් දෙකේ ලේකම්වරුන්ට ඊයේ (12) සවස නොතිසි නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනිසිටි එම විදුහල් දෙකෙ විදුහල්පතිවරු දෙදෙනාට සහ ආදී ශිෂ්‍ය සංගමයේ ලේකම්වරු දෙදෙනාට මෙම කොන්දේසි සහිත නියෝගය ලබාදෙනු ලැබුවා.

එහිදි අධිකරණය පොලිසියට නියෝග කලේ රථවාහන නීතී සහ අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

රිච්මන්ඩ් – මහින්ද රථ පෙළපාලිය පැවැත්වීම තහනම් කිරීමට ගාල්ල පොලීසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලයි

රිච්මන්ඩ් – මහින්ද විද්‍යාල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමිව යතුරු පැදි සහ රථ පෙළපාලි පැවැත්විම තහනම් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙස ගාල්ල පොලිසිය විසින් කරන ලද ඉල්ලිමක් සළකා බැලු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා අද (13) අධිකරණයේ පෙනි සිටින ලෙස එම විදුහල්වල විදුහල්පතිවරු දෙදෙනාට සහ ආදි සිසු සංගම් දෙකේ ලේකම්වරුන්ට ඊයේ (12) සවස නොතිසි නිකුත් කරනු ලැබුවා.

පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ පසුගිය කාලයේ මෙම ක්‍රිකට් තරගයට සමගාමිව පාසල් 02ම යතුරු පැදි සහ රථ පෙළපාලි පැවැත්වනු ලැබු අතර එක යතුරු පැදියේ තුන් හතරදෙනා නැග ආරක්ෂිත හිස් වැසුම්ද නොමැතිව විවිධ ශබ්ද නගමින් අධික වේගයෙන් ධාවනය කිරිම නිසා අනතුරු රැසක් සිදුව ඇති බවයි.

තවද මාර්ගයේ ගමන් ගන්නා සමාන්‍ය ජනතාවට එය පීඩාවක් බවද පොලිසිය අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.

එය මහජනතාට පීඩාවක් බවත් එම නිසා එය තහනම් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් මෙම ඉල්ලිම කරනු ලැබුවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here