Home Local අල්ලස් ගත් විදුහල්පතිට වැඩ වරදියි

අල්ලස් ගත් විදුහල්පතිට වැඩ වරදියි

342

පාසලට දරුවෙකු ඇතුලත් කරගැනීම සඳහා රුපියල් 8000ක අල්ලසක් ගත් බවට මාතර, දෙයියන්දර ජාතික පාසලේ විදුහල්පතිවරයා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කඹුරුපිටිය පොලිසිය පවසනවා.

මෙම විද්‍යාලයේ 6 ශ්‍රේණිය සඳහා දරුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් 15,000ක මුදලක් විදුහල්පතිවරයා වෙත ලබාදීමේ එකඟතාවය මත ඒ සඳහා සැකකාර විදුහල්පතිවරයා වෙත රුපියල් 7000ක මුදලක් කලින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉතිරි මුදල වන රුපියල් 8,000ක මුදල ඊයේ (12) දින පාසල තුළදි දරුවාගේ මවගෙන් ලබාගනිද්දී අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන කඹුරුපිටිය පොලිසිය රැගෙන විත් තිබෙනවා.

තරංග ගුණරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here